දිවයිනේ ප්රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි: ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි
දිවයිනේ බොහෝ ප්රදේශවලට අද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල මෙන්ම පොලොන්නරුව, ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
එමෙන්ම පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව වාර්තා වේ. මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
අපගේ නවතම පුවත් සහ උණුසුම් පුවත් දැනගන්න.