කටුනායක හීනටියන වෙඩි තැබීමක්

කටුනායක හීනටියන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. 

කටුනායක හීනටියන වෙඩි තැබීමක්

කටුනායක හීනටියන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. 

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරුකර යවා තිබේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවය.

අපගේ නවතම පුවත් සහ උණුසුම් පුවත් දැනගන්න.