කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට

කිරිඳිවැල සිනමා ශාලාවක සඟවා තිබූ පිස්තෝල, රීපීටර් ඇතුළු ගිනිඅවි, පතොරොම් දහස් ගණනක් සහ අත්බෝම්බ 2ක් සමඟ 38 හැවිරිදි සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට
ADVERTISEMENT
ADVERTISEMENT

කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්‍රදේශයේ පිහිටි සිනමා ශාලාවක් තුළ සඟවා තිබූ විශාල ගිනිඅවි තොගයක්, ජීව පතොරොම් සහ අත්බෝම්බ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව ඊයේ (17) පස්වරුවේ අදාළ සිනමා ශාලාව විශේෂ සෝදිසි කිරීමකට ලක් කර තිබේ. මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී අවි ආයුධ තොගය සොයාගැනීමට හැකිවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලතේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ස්ථානයේ තිබී විදේශයක නිෂ්පාදිත පිස්තෝල 02ක්, රිවෝල්වරයක්, විදේශීය නිෂ්පාදිත රීපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ ගිනිඅවියක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව බෝර 12 ජීව පතොරොම් 398ක්, බෝර 16 ජීව පතොරොම් 278ක්, පොයින්ට් 32 වර්ගයේ ජීව පතොරොම් 3,132ක් (49ක් සහ 3,083ක් වශයෙන්) සහ ජීව අත්බෝම්බ 02ක් ද එහිදී සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කරමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

අපගේ නවතම පුවත් සහ උණුසුම් පුවත් දැනගන්න.

ADVERTISEMENT
ADVERTISEMENT