අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට
මාතලේ - මහනුවර ප්රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ හන්දිය අසල අද (19) පෙරවරුවේ සිදුවූ දරුණු රිය අනතුර සම්බන්ධයෙන් සිමෙන්ති ප්රවාහනය කළ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ධාවනය වෙමින් තිබූ ලොරි රථය එහි රියදුරුට පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක සහ මඟ රැඳී සිටි පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම බිහිසුණු අනතුරින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර හේතුවෙන් තවත් පුද්ගලයින් අටදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් කඩිනමින් අකුරණ සහ මහනුවර ජාතික රෝහල් වෙත ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටී. මෙම ගැටීමෙන් මාර්ගයේ ධාවනය වූ සහ නවතා තිබූ වාහන අටකට පමණ දැඩි අලාභහානි සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
අපගේ නවතම පුවත් සහ උණුසුම් පුවත් දැනගන්න.