සිරි දළදා වන්දනාව ගැන විශේෂ දැනුම්දීමක්

සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.
සිරි දළදා වන්දනාව ගැන විශේෂ දැනුම්දීමක්

සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග ඊයේ දිනයේ සිට මේ සඳහා එක් නොවන ලෙස දළදා වන්දනා කමිටුව දැනුම් දුන්නේය.

කෙසේවෙතත් දැනට පෝලිම්වල සිටින සැදැහැවතුන් සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව සලසාදීමට තීරණය කර ඇති අතර ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් එලෙස පෝලිම්වල රැඳීසිටින බව පොලීසිය සඳහන් කළේය.

යම් හෙයකින් වන්දනා මාන කිරීමට ඉඩ ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් හෙට (26) පස්වරුවේ හෝ 27 උදෑසන දැනුම්දෙන බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර සිරි දළදා වන්දනාව අද (25) 8 වන දිනටත් පෙරවරු 11ට ආරම්භ කෙරුණි.

News21
ඔබ මෙම පුවතට කැමතිද?

ඔබ අගය කරන පුවත් වෙත ඉක්මන් ප්‍රවේශය සඳහා Google News හි 'කැමති මූලාශ්‍රයක්' ලෙස News21 තෝරන්න.

Follow Us