ගුරු මාරුවට දේශපාලන බලපෑම් නෑ ස්ථාන මාරු සිදු කරන්නේ ගුරුමාරු මණ්ඩලයම පමණයි

ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්,  ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

Feb 18, 2025 - 23:51
ගුරු මාරුවට දේශපාලන බලපෑම් නෑ ස්ථාන මාරු සිදු කරන්නේ ගුරුමාරු මණ්ඩලයම පමණයි

ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්,  ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

විපක්ෂයෙන් මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් මෙසේද පැවසුවා ය. 

ජාතික පාසල් සහ පලාත් පාසල් වල පවතින පුරප්පාඩු අනුව පලාත් සහ ජාතික පාසල් වලින් අතිරික්ත ගුරුවරු තාවකාලිකව අනියුක්ත කරන්න කියලා මේ වන විට ලිපියකින් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙනවා. 

ඉදිරියේදී විෂයන් අනුව තිබෙන පුරප්පාඩු  අනුව ඒ ඒ පුරපුපාඩු පුරවන්න අපි කටයුතු කරනවා. මේ වසර අවසන් වනවිට සියලු විෂයන් සඳහා තිබෙන  ගුරු පුරප්පාඩු පුරවන්න අපි බලාපොරොත්තු වෙනවා.  

ගුරු මාරුවීම් සිදු කරන්නේ වෘත්තිය සමිති වලින් නෙවෙයි ගුරු මාරු මණ්ඩලයෙන්, ඒ මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති වල නියෝජනයක් තියෙනවා.  ගුරුමාරුවීම් මෙච්චර වියවුල් වෙලා තියෙන්නේ  පසුගිය කාලවල සිදු වූ දේශපාලන බලපෑම් නිසයි. 

   අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කළේ, අවුරුදු ගණනාවකින්  ගුරු මාරු මණ්ඩලය දේශපාලන අතපෙවීමකින් තොරව ස්වාධීනව මෙවර සිද්ධ කරන්න පුලුවන් වුණා කියලා. ඒ  මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ගුරු මාරුවට බලපෑම් නොකළ නිසා කියලා ඔවුන් පැවසුවා. 

 තම  ස්ථාවරය ගුරු මාරු සිද්ධ විය යුත්තේ ගුරු මාරු මණ්ඩලයෙන් ම බවත්, ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Listen Live on Aha FM Your Favorite Online Tamil Radio!