කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) දින සඳහා නිකුත් කළ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සුළු වැසි ප්‍රමාණයක් අපේක්ෂා කෙරේ. සෙසු ප්‍රදේශ සඳහා වියළි කාලගුණයක් පවතිනු ඇත.
නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) සවස සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) දින ජීවිතක්ෂයට පත්ව තිබේ. පිස්තෝලයක් භාවිතා කළ මෙම ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.